Thursday, September 24, 2015

නුවරඑලියෙ සංචාරයක් යමු

මගෙයි මගෙ වයිප්ගෙයි ගොඩ කාලෙක ඉදන් තිබුන ආසාවක් තමයි නුවරඑලියෙ සංචාරයක් යන එක අපි දෙන්නම මීට කලින් නුවරඑලියෙ ගිහින් තිබුනෙම නැහැ  කොහොම හරි අපි දෙන්න  2015.09.21 නුවරඑලියෙ ගිහින් 21015.09.24 ආපහු ආවා ඇත්තටම අපි ගොඩක් විනෝද වුනා ඒක නිසා අපි වගේ නුවරඑලියෙ පැත්තෙ යන්න ඉන්න අයට දැනගන්න අපේ අත්දැකීම් ටික පෝස්ට ඒකක් විදිහට දානව ඕන ගැටලුවක් තියෙනව නම් අහන්න මම ඕන උදව්වක් කරන්නම්.

ඔයාලට පහසුවෙන් වෙන්කරගන්න පුලුවන් වෙන්න මම පෝස්ට් එක අනු මාතෘකා වලට කඩනව

01. නුවරඑලියට අපි ගියපු විදිහ
02. නවාතැන් පහසුකම්
03. කෑම බීම
04. ඇදුම්
05. ගියපු තැන් සහ ඒවට ගියපු හැටි


01. ගමන් මාර්ගය

අපි නුවරඑලියට ගියෙ කෝච්චියේ නානුඔයෙන් බැහැල නුවරඑලියට බස් එකේ යන්න තමයි අපි ප්ලෑන් කලේ   ඔයාල පලමු පන්තියෙ දෙවන පන්තියෙ  යන්න ඉන්නව නම් ඔයාල යන දවසට මාස දෙකකට විතර කලින්වත් ටිකට් බුක් කරන්න වෙනවමම මාසෙකට කලින් විතර බුක්කරන්න ගියාම ඉතුරැ වෙලා තිබුනෙ 03 වන පන්තියෙ වෙන්කල ආසන තමයි අවුලක් නැහැ මේකත් නානුඔයටම එක්කෙනෙක්ට රැපියල් 400 සීට් එකක් හම්බවෙනව කෝච්චියෙ එන්ජින් එක ගාවම තියෙන පෙට්ටියක් අපි ගියපු එකේ හිස් සීටුත් ඕන තරම් තිබුන
අපි ගියපු කෝච්චිය තිබුනේ කොටුවෙන් උදේ 0830 පිටත්වෙලා  හවස 0230 විතර වෙද්දි නානුඔය පහු කරන් බදුල්ලට යන්න ඒත කොටුවෙන් යද්දි 0900 වුනා මගදි මිනිහෙක් කෝචිචියට පැන්න කොහොම හරි හවස 0330 විතර වෙද්දි නානුඔයෙන් බැහැගන්න පුලුවන් වුනා.

02. නවාතැන් පහසුකම්

මම නම් කියන්නෙ නුවරඑලියෙ යනව නම් නවාතැන් පහසුකම් කොලබ ඉදන්ම බුක් කරගෙන යන එක හොදයි මම නෙට් එකෙන් සර්ච් කරල හොටෙල් එකක් සිලෙක්ට් කලා පාර්ක් වීව් හොටෙල් කියල මෙයාලගේ අපි හොටෙල් එකට ගිහින් බුක් කරනව නම් නයිට් එකකට 3000 ඕනෙ කිව්ව  මම අගෝඩා agoda.com එකෙන් බුක් කරන්න බැලුවම ඒකෙ ඒ හොටෙල් එකටම මගෙ පයනියර් කෙඩිට් කාඩ් එකෙන් පේ කරන්න 57.54$ තමයි දවස් 03 ටම යන්නෙ ඒ කියන්නෙ  එක නයිට් එකකට 19.18$  ඩොලර් එකක් රැපියල් 140 ගානෙ බැලුවත් රැ. 2685.00 වෙන්නෙ මම බුක්කලා හොටෙල් එක අගෝඩා හරහා

හෝටලය  -  http://www.parkviewnuwaraeliya.com/

දු.ක  -   0522223771

වයි පයි -
ප්රී වයිපයි කියල එකක් තියෙනව කනෙක්ට් වෙනව හැබැයි ඉතින් මලාට ලෝඩ් වෙන්නෙ නැහැ මම හච් එකේ ඩේටා පැකේජ් එකක් දාගෙන යූස් කලේ හච් එකට හොදට සිගිනල් තියෙනව

උනු වතුර -
අපි හිටපු කාමරේට වෙනම හොට් වෝටර් ලයින් එකක් තිබුන ඕන වෙලාවක උනු වතුර තිබුන

පහසුකම් -
මේ හෝටලේට නුවරඑලිය බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් විනාඩි 05 පයින් එන දුර තිබුන නිසා ලේසියි
හොටෙල් එකේ කොමන් බැල්කනි එකට වික්ටෝරියා පාක් එකේ ටවුන් එකේ ලස්සන වීව් එකක් තිබුන නිසා සීතල අඩු වෙලාවට බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න මරැ

ස්ටාප් එක -

ස්ටාප් එක කියල අපි හිටපු හෝටලේ තියෙන්නෙ කාමර 07 වගේ තමයි  එක මිනිහයි ඉන්නෙ මිනිහ හොදයි ඕන වෙලාවක තේ එකක් ටී එකක් හදල දෙන්න බලාගෙන ඉන්නෙ ඕන උදව්වක් ගන්න පුලුවන්


හැබැයි මේ හොටෙල් එකේ කෑම නැහැ  නවාතැන් පසුකම් විතරමයි තේ එකක් නම් කිව්වම හදාගන්න පුලුවන් ටවුන් එක අත ලග නිසා ඉතින් කෑම කඩෙන් කන්න පුලුවන්නේ



03. කෑම බීම

අපි හිටපු දවස් 03 ම අපි එක එක තැන්වලින් කඩවල් වලින් තමයි කෑවෙ  අවුලක් නැහැ කෑම හොදයි කොලබ ගනන් වලට වැඩිය නම් ටිකක් වැඩියි ඒත් රසට තියෙනව අපිනම් ගොඩක්ම කෑවෙ දෙමල වෙජිටේරියන් කඩේකින් බත් ,තෝස.උලුදුවඩ වගේ ඒව තමයි ඒව නම් ටොප්


04. ඇදුම් පැලදුම් සහ අනිකුත් අත්‍යවශය දේවල්

අපි හිටපු හොටෙල් එකේ  ලොන්ඩ්රි එකක් නැහැ ඒ නිසා මිල අඩු හොටෙල් එකකට යනව නම් අනිවා ඇදුම් අරන් යන්න වැඩිපුර ඇදුම් හෝදන්න වේලන්න විදිහක් නැහැ ඇදල බෑග් එකක දාගෙන ගෙදර අරන් එන්න තමයි වෙන්නෙ

සීතලට අදින ජර්සියක් අනිවා අරන් යන්න ජර්සි නැත්නම් නුවරඑලියෙ ටවුන් එකේ පේමන්ට් එකේ පොඩි කඩෙිකින් ගන්න පුලුවන් රැ. 450 විතර
අනිත් ඇදුනුත් ටිකක් හීතලට ඔරොත්තු දෙන ඒව අරන් යන්න
අනිවා කුඩයක් අරන් යන්න ඕනෙ කොයි වෙලේ වහියිද කියන්න බැහැ
සපත්තු දාගෙන ඉන්න එක සීතලට ඔරොත්තු දෙනව ලෝකාන්තය වගේ තැන්වල ඇවිදින්න  පහසුයි ඒත් වැස්සත් එක්ක කචල් සපත්තු තෙමුනම මේස් තෙමුනම නන්නත්තාරයි ඒ නිසා අපි නම් ඇවිද්දෙම නෝම්ල සෙරෙප්පු දෙකක් දාගෙන තමයි
 හොටෙල් එකේ කාමරේ ටවල් සහ ඇදවල්වල අර ලොකු බ්ලැන්කට් තියෙනව ඒව තියෙන නිසා නිදා ගන්න කොට සීතලෙන් බේරෙන්න පුලුවන්

05. අපි ගියපු තැන් ගියපු විදිහ සහ ඒ තැන්වල විශේෂත්වය

 පලවෙනි දවසෙ අපි ගියපු තැන්

හෝර්ටන් තැන්න
 https://en.wikipedia.org/wiki/Horton_Plains_National_Park








පුංචි ලෝකාන්තය
http://www.tripadvisor.com/LocationPhotoDirectLink-g2562188-d447526-i96557819-Horton_Plains_National_Park-Ohiya_Uva_Province.html

ලෝකාන්තය
 https://en.wikipedia.org/wiki/World's_End,_Sri_Lanka

බේකර්ස් ඇල්ල
https://en.wikipedia.org/wiki/Baker's_Falls

අබේවෙල පාම් එක
https://en.wikipedia.org/wiki/Ambewela

හග්ගල මල්වත්ත

https://en.wikipedia.org/wiki/Hakgala_Botanical_Garden

මේ තැන් ඔක්කොටම අපි ගියෙ තීවීල් එකකින් තීවීල් එක කතා කරල දුන්නෙ හොටෙල් එකේ මෑන් රැ 3500.00 කට තමයි කතා කලේ පස්සෙ තමයි දන්නෙ හොටෙල් එකේ උනුත් ගානක් අරන් තමයි තීවීල් සෙට් කරන්නෙ කියල තීවීල් එකේ පොර කිව්ව ඩිරෙක්ට් සෙට්වුනානම් හයර් එක 3000 කරගන්න පුලුවන් කියල මෑන් නියම පොරක් කිසි හදිස්සියක් නැහැ  අපිට ඕන විදිහට අපේ පාඩුවෙ ඕන තැනක යන්න පුලුවන් ඩ්රයිවිනුත් හොදයි වැඩි හදිස්සිකාරයෙක් නෙවෙයි  ඒක නිසා ඔයාලට ආට එකක් එනේ වනොත් මෙයාට කතා කරන්න නම රොෂාන් ටවුමෙ  පාක් එකේ ඉන්නෙ 0713111848 පාන්දර  හයට අපිව අරන් හෝටන් ප්ලේස් වලට එක්ක ගිහින් අපි ලෝකාන්තයට ගිහින් එනකන්  පැය 05 විතර කට්ට කාල ඊට පස්සෙ අනිත් තැන්වලටත් ගිහින් එන්න ඒ කදු කැඩිච්ච පාරවල්වල යන්න රැ. 3000 -3500 මම නම් හිතන්නෙ නැහැ අපිට පාඩුයි කියල




දෙවැනි දවසෙ අපි ගියපු තැන්

වික්ටෝරියා පාක් එක
https://en.wikipedia.org/wiki/Victoria_Park,_Nuwara_Eliya
නුවරඑලියෙ ටවුන් එකේමයි තියෙන්නෙ ටිකට් එක රැ 50 ක්ද කෙහෙද වුනේ ලස්සන මල් ටිකක් තියෙනව බලන්න









රේස් කෝස් ග්රවුන්ඩ් එක
https://en.wikipedia.org/wiki/Nuwara_Eliya_Racecourse
මේකත් ටවුන් එකේම වගේ තමයි තියෙන්නෙ හැබැයි ඉතින් මඩ ගොඩක් වෙලා තිබුන නිසා  අපි ගේට්ටුව ලගින් නැවතුනා තරග තියෙන දවසක  නම් බලන්න හොද ඇති

සින්ගල් ටී ටෙම්පල්
මේක ටවුන් එකේ ඉදන්   තීවීල් එකකින් යනව නම් රැ 150 - 250 අතර වෙනව කන්දක් උඩ පොඩ්ඩක් ජපන් විදිහට වගේ හදාගෙන යන පන්සලක් ලස්සන ලොකේසන් එකක තියෙන්නෙ පයින් යන්නත් පුලුවන් ඒත්  කිලෝමීටර් 3 වගේ ලොකු කන්දක් අදින්න තියෙන නිසා වාහනේක යන එක හොදයි







ගෙගරි වැව උද්‍යානය

http://www.srilankatravelnotes.com/NUWARAELIYA/GREGORYLAKE/GregoryLakes.html
මෙතන පට්ට ලස්සන ප්ලෙස් එකක්  මෙතන හැබැයි සල්ලි වියදම් වෙන තැනක්

තඩි පිබුරෙක් කරේ දාගෙන පොටෝ ගන්න රැ 200
හංස බෝට්ටු පදින්න පැය බාගෙකට රැ 500
ජෙට් බොට්ටුවකින් වටයක් යන්න එක වටේකට රැ 1500
පෝනියෙක් පිටේ වටයක් යන්න  රැ 500

සල්ලි නම් ඕනෙ තරමක් වියදම් කරන්න කියාපු ප්ලේස් එක















ලවර්ස්සීලීප් දිය ඇල්ල

http://www.sarisara.com/waterfalls/loversleap.php

මේකට ටවුන් එකේ ඉදන් ටිකදුරක් යන්න ඕනෙ යන්න පුලුවන් තීවීල් එකක විතරයි මේකත් බලාගෙන තේකොල පැක්ටරි එකක් pedro tea factory එකත් බලාගෙනම එන්න තීවීල් එකට රැ 750 - 1000 අතර ගානක් දෙන්න වෙනව

දිය ඇල්ල ලස්සනයි මේකට කපල් එකක් පැනල මැරිල කේස් එකක් නිසාලු ඔය නම හැදුනෙ



pedro tea factory

http://www.triphobo.com/pedro-tea-factory-nuwara-eliya-sri-lanka

මෙතනත් නියම තැනක් ඇතුල්වීම රැ 50 ටිකට් එකක් ගන්නව ගියපු ගමන් සුපිරි තේ එකක් බොන්න දෙනව ගයිඩ් කෙනෙක් දීල පැක්ටරිය වටේ ඇතුලෙ එක්ක යනව විස්තර කියල දිදී තේ දලු ගේන හැටි ඒව වේලන හැටි අබරන හැටි කුඩු කරන හැටි අන්තිමට ග්රේඩ් කරල බෑග් වල අසුරන හැටි මැසින් වැඩ කරන හැටි ඔක්කොම කියල දෙනව












   ඔන්න එහෙනම් අපේ  දවස් දෙකේ ටුවර් එක ඉවර කරල 24 උදේ නුවරඑලියෙ බස් ස්ටෑන්ඩ් එකේ කොලබ එන බස් එකක නැගල අපි ගෙදර ආව ටිකට් එක බැලුම්මහරට 200 එක්කෙනෙක්ට  අපි ගියපු තැන් වල විස්තර දැන්මෙ ඔයාලත් අපි වගේ පලවෙනි සැරේම නුවරඑලි යන්න හිතන් ඉන්නව නම් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන්න එහෙනම්  අපි ගියා බායි.



3 comments: